ඉන්දියාව සත්කාරකත්වය දරන “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්” සමුළුවට ජනපති සූම් හරහා එක්වෙයි

ඉන්දියාව සත්කාරකත්වය දරන “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්” සමුළුවට ජනපති සූම් හරහා එක්වෙයි

ඉන්දියාව සත්කාරකත්වය දරන “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්” සමුළුවට ජනපති සූම් හරහා එක්වෙයි

කර්තෘ Staff writer

12 Jan, 2023 | 6:20 am

COLOMBO (News 1st) – ඉන්දියාව සත්කාරකත්වය දරන "වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්" සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (12) සහභාගීවීමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා සූම් ඔස්සේ අද දිනයේ මෙම සමුළුව සඳහා සහභාගී වන බවයි.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඇතුළු රාජ්‍ය නායකයින් 20 දෙනෙකු මෙම සමුළුවට සහභාගීවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සහ හෙට මෙම සමුළුව පැවැත්වෙනු ඇති.

ඒ සඳහා අසල්වැසි රටවල නායකයින් හැරුණු විට ඇන්ගෝලියා, ඝානා, නයිජීරියා, මොසැම්බික් හා සෙනගල් යන අප්‍රිකානු රටවල නායකයින්, ආසියානු සංගමයේ සාමාජිකත්වය දරන තායිලන්ත, කාම්බෝජය සහ වියට්නාමය යන රටවල නායකයින් මෙන්ම උස්බෙකිස්ථානය, මොංගෝලියාව, එක්සත් අරාබි එමීර් සහ පැපුවා නිව්ගිනියා යන රටවල නායකයින් සහභාගීවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]