.webp)
ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඊයේ (10) පැවැති පළමු එක් දින ක්‍රිකට් තරගයේ දී ඔහු මෙම ආබාධයට ලක්ව තිබුණි.
ඩිල්ශාන් මදුශංක,එක්ස් රේ පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහි ප්‍රතිඵල අනුව ඔහු පිළිබඳව කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණයක් ගනු ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය.
මේ අතර ඊයේ (10) තරගයේදී පන්දුව ශරීරයේ වැදීම නිසා ආබාධයකට ලක් වූ චාමික කරුණාරත්න හෙට (12) පැවැත්වෙන දෙවැනි එක් දින තරගයට සහභාගී කරවීමට අපේක්ෂා කරන බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.