නීතිඥ සංගමයෙන් නිවේදනයක්

මැතිවරණයට රජය මැදිහත්වීමට දරන උත්සාහය ගැන නීතිඥ සංගම‌ය කනස්සල්ලෙන්

by Staff writer 11-01-2023 | 4:31 PM

COLOMBO ( News 1st ) - පළාත් පාලන මැතිවරණයට රජය මැදිහත්වීමට දරන උත්සාහය පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේ තැන්පතු භාර නොගැනීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු , පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරයා ගත් තීරණය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බවයි. 

මේ ආකාරයෙන් ජනතාවට තම නියෝජිතයින් පත් කර ගැනීමට ඇති ස්වෛරි අයිතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ගන්නා උත්සහයන් , බාධා කිරීම් මෙරට නීතියේ ආධිපත්‍යට හා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව බලවත් ප්‍රහාරයක් බව නීතිඥ සංගමය පෙන්වා දෙයි. 

කොමිෂන් සභාවේ ස්වාධීන කාර්යයන්ට හා ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට බාධාවන කිසිදු  පියවරක් ගැනීමෙන් ජනාධිපතිවරයා හා රජය වැළකි සිටිය යුතු බව ද ශ්‍රී  ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.