.webp)
එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා මේ බව සඳහන් කළේ අද (11) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ය.
ඇප මුදල් භාර ගැනීම වළක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහු මැතිවරණ කොමිසම හමුවට කැඳවීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.
තවද, කොමිෂන් සභාව මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මේ මොහොතේ මැතිවරණ කටයුතු සම්බන්ධව විවිධ ක්‍රියාකාරකම් මැතිවරණ කොමිෂන් සභාව සිදු කරමින් පවති.
තව ද නාම යෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමේ දී ද කොමිසමේ සියලුම සාමාජිකයින් එකඟතාවෙන් හා අත්සනින් යුතුව සිදුකර තිබෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.