.webp)
අදාළ නියෝජිත කණ්ඩායමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි , එහි අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු තවත් දෙදෙනෙකු ඒ අතරට ඇතුළත් ය.
වසන්ත මුදලිගේ මහතා රඳවා සිටි රැඳවුම් ස්ථානය වෙත ගොස් ඔහුගේ රැඳවුම් තත්වය පරීක්ෂා කළ බව මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ඒ අනුව රැඳවුම් තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව මානව හිමිකම් කොමිසම බන්ධනාගාර නිලධාරින් දැනුවත් කර තිබෙන අතර රැඳවියන් වෙත ලබා දෙන ආහාර සහ, ඒවා පිළියෙළ කරන ආකාරය සම්බන්ධයෙන් ද මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් කරුණු විමසා බලා තිබේ.
මෙම පරීක්ෂණයේදී හඳුනා ගත් කරුණු පිළිබඳව වැඩිදුර කරුණු විමසීම සඳහා ඉදිරියේදී බන්ධනාගාර නිලධාරින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවීමට නියමිත ය.