පමා වූ විශ්‍රාම වැටුප අද එයි ද?

පමා වූ විශ්‍රාම වැටුප අද එයි ද?

පමා වූ විශ්‍රාම වැටුප අද එයි ද?

කර්තෘ Staff writer

11 Jan, 2023 | 8:55 am

COLOMBO (News 1st) – මේ මාසයේ විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු ගිණුම් වෙත මුදා හරින බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. 

ඔහු පැවසුවේ, භාණ්ඩාගාරයේ මූල්‍ය තත්ත්වය හේතුවෙන් මුදල් බැංකු වෙත මුදා හැරීම ප්‍රමාද වූ බවයි.

විශ්‍රාම වැටුප් සඳහා මාසිකව රුපියල් බිලියන 26 ක් පමණ වැයවන බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. 

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ඊයේ ඇතැම් බැංකු වෙත මුදල් නොලැබීම හේතුවෙන් විශ්‍රාමිකයෝ රැසක් දැඩි පීඩාවට පත්වූහ. 

මේ අතර මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ, රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට හා සමෘද්ධි ඇතුළු රජයේ සහනාධාර සඳහා අවශ්‍ය මුදල් ද නිශ්චිත දිනවල නිකුත් කිරීමට හැකි සෑම උත්සාහයක් ම ගන්නා බවයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,  රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුළු සුබසාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි.  

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]