මැණික් ගල් ඔබ්බ වූ චෛත්‍යක්

රු. කෝටි 100 කට විකුණන්න හැදූ මැණික් ගල් ඔබ්බ වූ චෛත්‍යක්

by Staff writer 10-01-2023 | 3:11 PM

COLOMBO (News 1st) -  රුපියල් කෝටි 100 කට අළෙවි කිරීමට සූදානම් කර තිබූ නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බන ලද චෛත්‍යක් වේයන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ,  සිද්ධිය සම්බන්ධයෙන් කෝන්ගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

වේයන්ගොඩ, යටගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පොලිස් විශේෂකාර්ය බලකාය එම චෛත්‍ය සොයා ගෙන තිබේ.