පිටරටින් බිත්තර ගෙන එයිද?

ඉන්දීය බිත්තර නිර්දේශ කළ නොහැකියි - සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

by Staff writer 10-01-2023 | 6:43 PM

COLOMBO (News 1st) - භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ආණ්ඩුව පවසද්දී පිටරටින් බිත්තර ගෙන්වීම සඳහා මේ වනවිට තීරණය කර තිබේ.

කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධාන එකුමුතුව අද(10) ප්‍රශ්න කළේ, ඡන්දයක් පැවැත්වීමට මුදල් නැති ආණ්ඩුවට බිත්තර ආනයනයට ඩොලර් තිබේද යන්නයි.

මේ අතර අද උදෑසන ටී.වී. වන් නාලිකාවේ විකාශය වූ නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහනට එක්වෙමින් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය අනාවරණය කළේ අසල්වැසි ඉන්දියාවේ පවතින කුරුළු උණ හේතුවෙන් එරටින් බිත්තර ආනයනය කිරීමට නොහැකි බවයි.