20-20 ලෝක කුසලාන තරගාවලියේ දී මොකද වුණේ ?

T20 ලෝක කුසලානයට ගිය කණ්ඩායමට මොකද වුණේ,වාර්තාව ඇමතිට

by Staff writer 10-01-2023 | 5:39 PM

COLOMBO (News 1st) - 20යි 20 ලෝක කුසලාන සඳහා සහභාගි වූ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව අද (10) අමාත්‍යවරයාට භාර දී තිබේ.

2022.10.16 සිට 2022.11.13 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ 20 යි 20යි  ලෝක ශූරතාව සඳහා  සහභාගී  වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම  ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් මෙම කමිටුව පත් කළේ ය.

සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවේ ප්‍රධානීත්වය දැරුවේ ,විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියයි.

අදාළ විමර්ශන කමිටුව විසින්  20 යි 20යි  ලෝක ශූරතාවය අතරතුරදී  සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් මාසයකට වැඩි කාලයක් විමර්ශන කටයුතු සිදු කළේ ය.

අරමුදල් අවභාවිතය, සමාජ මාධ්‍යයේ බලපෑම, ආගමික නිකාය බලපෑම, ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව මෙම කමිටු වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර ඇති බව වාර්තා වේ.