ශ්‍රී ලංකා - ඉන්දීය එක් දින තරගාවලිය අද ඇරඹේ

ශ්‍රී ලංකා - ඉන්දීය එක් දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

by Staff writer 10-01-2023 | 9:18 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර එක් දින ක්‍රිකට් තරගාවලිය අද (10) ආරම්භ වේ.

දෙරට අතර එක් දින තරගාවලියට තරග 3 ක් ඇතුළත් අතර පළමු තරගය ගුවහාටිහිදී අද පැවැත්වෙනු ඇත.

පන්දුවාර 20යි 20 සංචිතයට ඇතුළත් නොවූ නිත්‍ය නායක රෝහිත් ශර්මා, විරාත් කෝලි, ලෝකේශ් රාහුල්, මොහොමඩ් ශාමි, ශ්‍රෙයාස් අයියර් වැනි ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ඉන්දීය එක්දින සංචිතයට ඇතුළත් වේ.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක් දින තරග 162න් ඉන්දියාව තරග 93ක් ජයගෙන ඇති අතර එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් විය. 

ශ්‍රී ලංකාව තරග 57ක් ජයගෙන ඇති අතර තරග 11ක් අවසන් වූයේ තීරණයකින් තොරවයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගී වූ එක් දින තරග 10 න් තරග 6ක් ජය ගෙන සිටි.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ කිරීමට නියමිතය.