.webp)
COLOMBO (News 1st) - වී වගාව ආශ්‍රිතව පැතිරයමින් තිබෙන දිලිර රෝග පාලනයට වහාම පියවර ගන්නැයි, කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
අමාත්‍යංශය සඳහන් කළේ , රෝග පාලනයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය සූදානම් බවයි.
දිස්ත්‍රික්ක හතරක පමණ වී වගාව ආශ්‍රිතව මෙ වන විට කහ පුල්ලි රෝගය, කීඩෑ උවදුර සහ වටපණු රෝගය ඇතුළු රෝග ව්‍යාප්තිය දක්නට ඇතැයි අමාත්‍යංශය සඳහන් කළේ ය.
කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් අදාළ දිස්ත්‍රික්ක වෙත මේ වන විට පිටත් කර ඇති බවයි.
රෝග පාලනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ නිර්දේශ කරනු ලබන කෘමි නාශක පිළිබඳවත් අදාළ කණ්ඩායම් ගොවි ජනතාව දැනුවත් කරනු ඇතැයි, ලේකම්වරයා පැවසී ය.
මේ අතර වී වගාව ආශ්‍රිතව පැතිරී යන මෙම රෝග තත්ත්ව පාලනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ජා කිරීමට වහාම සියලු පාර්ශව කැඳවන්නැයි අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.