.webp)
එරට නිල රාජ්‍ය වෙබ් අඩවිය සඳහන් කළේ 1983 සිට 2009 වසර දක්වා පැවති සිවිල් යුද්ධයේදී සැලසුම් සහගතව මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම සම්බාධක පැනවීම සිදුකර ඇති බවයි.
ඒ අනුව, කැනඩාවේ තිබෙන මෙම පුද්ගලයින්ට අයත් සියලුම වත්කම් තහනම් වන අතර ඔවුන්ට කවර ආකාරයක් යටතේ හෝ කැනඩාවට ඇතුළු වීමද තහනම් වනු ඇත.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, පසුගිය දශක හතර තුළ, සන්නද්ධ ගැටුම්, ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය සහ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝණය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්ව ඇති බවත්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරන්නන්ට එරෙහිව අද කැනඩව දැඩි තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් කැනේඩියානු විදේශ අමාත්‍ය මෙලනි ජොලි ප්‍රකාශ කළ බවයි.