ස්වාධීන කණ්ඩායම් 10ක්, පක්ෂ 4ක් ඇප මුදල් තියයි

පුංචි ඡන්දෙට ස්වාධීන කණ්ඩායම් 10ක්, පක්ෂ 4ක් ඇප මුදල් තියයි

by Staff Writer . 10-01-2023 | 3:44 PM

COLOMBO (News 1st) - ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 10ක් සහ දේශපාලන පක්ෂ 4ක් ඇප මුදල් තැන්පත් කර තිබේ. 

මැතිවරණ කොමිසම පැවසුවේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම් පලාත් පලාන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

ජාතික ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පලාත් පාලන ආයතන සඳහා මේ වන විට  ඇප මුදල් තැන්පත් කර තිබේ. 

මැතිවරණ කොමිසම පැවසුවේ,  මීට අමතරව ගම්පහ කොළඹ, ගාල්ල, බදුල්ල,  අම්පාර, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක සඳහා  ස්වාධීන කණ්ඩායම් 10 ක් ද මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.