සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්

කර්තෘ Staff writer

10 Jan, 2023 | 12:35 pm

COLOMBO (News 1st) – සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල අමරසිංහ ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේ ය. 

ශ්‍රී දළඳා වහන්සේට සහ බුදු දහමට නිගරු වන ආකාරයෙන් ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ සැකකරු  චේතනාන්විතව ශ්‍රී දළඳා වහන්සේට හෝ බුදු දහමට නිගරු වන ආකාරයෙන් එකී ප්‍රකාශ සිදු කර නොමැති බවයි.

නීතිඥයින් සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය  ලබන 17 වැනිදා  ලබාදෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රකාශ කළේ ය. 

සේපාල් අමරසිංහ පසුගිය  05 වැනිදා  පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ගනු ලැබුවේ, සිය යූටියුබ් චැනලය හරහා දළඳා වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාව මතයි.  
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]