English
தமிழ்
කර්තෘ Staff writer
09 Jan, 2023 | 2:30 pm
COLOMBO (News 1st) – ගාල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ATM යන්ත්‍ර හැක්කර, මුදල් කොල්ලකෑමේ සිදුවීම සම්බන්ධයෙන් බල්ගේරියානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය ක්‍රියාත්මක කළ විමර්ශනවලදීයී.
ගල්කිස්සේ සහ මීගමුවේ පදිංචි සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ, හැව්ලොක් ප්‍රදේශයේදීයි.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට සම්බන්ධ බල්ගේරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ වැල්ලවත්තේදීයී.
අදාළ කොල්ලයට සම්බන්ධ බල්ගේරියානු ජාතික ප්‍රධාන සැකකරු රටින් පළා යාමට සූදානමින් සිටින බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
ඒ ඔස්සේ කළ විමර්ශනවලදී කටුනායක ගුවන් තොටුපළෙන් පළායාමට උත්සහ කළ අවස්ථාවේදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව, පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ය.
අදාළ කොල්ලය සඳහා යොදාගත් වාහනය සහ රියදුරු පිටිගලදී අත්අඩංගුවට ගැනිණ.
සැකකරුවන්, බද්දේගම, හික්කඩුව සහ කරාපිටිය ප්‍රදේශවල පිහිටි ATM යන්ත්‍රවලින් රුපියල් ලක්ෂ 57, ලක්ෂ 48 ක් සහ ලක්ෂ දෙකහාමාරක් වශයෙන් මුදල් සොරාගෙන තිබිණ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
30 Sep, 2023 | 08:35 PM
30 Sep, 2023 | 01:12 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS