විදුලිබිල වැඩි කිරීමට කැබිනටි අනුමැතිය

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

by Staff writer 09-01-2023 | 6:51 PM

COLOMBO (News 1st) - විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අද(09) අනුමැතිය ලැබුණු බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ පෙබරවාරි 15 වැනිදා වනවිට සමාලෝචනය කිරීමේ පදනම මත මේ අනුමැතිය ලබා දී ඇති බවය.

එම සමාලෝචනයෙන් පසුව විදුලි ගාස්තු නැවත අඩුවීමට ද ඉඩ ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලියක් තමන්ට අද(09) පස්වරුවේ ලැබුණු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ය.