සීනි බදු වංචාවේ නඩුව කල් යයි..

වගඋත්තරකාර පාර්ශ්වයේ නීතීඥවරු නොමැති වීමෙන් සීනි බදු වංචාවේ නඩුව කල් යයි..

by Staff writer 09-01-2023 | 8:56 PM

COLOMBO (News 1st) - වගඋත්තරකාර පාර්ශ්වයේ නීතීඥවරුන් පෙනී නොසිටීම නිසා සීනි බදු වංචාවට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුව ලබන මැයි 6වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) නියෝග කළේ ය.

සීනි ආනයනය කළ සමාගම ඇතුළු පාර්ශ්වකරුවන් 12දෙනෙකු 
වගඋත්තරකරුවන් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම එල්. ටී. බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවනු ලැබීය.

වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥවරුන් දෙදෙනෙකු පෞද්ගලික අපහසුතාවයක් මත අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින බැවින් පෙත්සම් සලකා බැලීම කල්තබන ලෙස වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කළ කනිෂ්ඨ නිතීඥවරයෙකු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.