.webp)
පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුගේ ජංගම දුරකතනය අරගලය සම්බන්ධයෙන් සිදුකරන වෙනත් විමර්ශනයක් සඳහා ලබාදෙන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති බැවින් ඒ සඳහා සැකකරුට නියෝගයක් කරන ලෙසය.
රූපවාහිනී සංස්ථාවට ඇතුලුවීමේ නඩුවට අදාළ විමර්ශන සිදුකරන්නේ කුරුඳුවත්ත පොලිසීය නම්, වෙනත් විමර්ශන අංශයකට සැකකරුගේ ජංගම දුරකතනය ලබාදීමට නියෝගයක් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුනි.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නම් එම ඉල්ලීම ඔවුන් විසින් කල යුතු බවය.
නඩුවේ තවත් සැකකරුවකු වන ධානීෂ් අලී මහතාගේ ජංගම දුරකතනය පොලීසිය විසින් ලබාගෙන මාස හයකට ආසන්න කාලයක් ගතවී ඇතත් එය ආපසු ලබානොදීම නිසා සැකකරුගේ එදිනෙදා කටයුතු වලට දැඩි බාධාවක් වී ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද අධීකරණයට පෙන්වා දුන්නේ ය.
නඩුව මාර්තු 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.