නවසීලන්තය සහ පකිස්ථානය අතර තරගය අද

නවසීලන්තය සහ පකිස්ථානය අතර එක් දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි..

by Staff writer 09-01-2023 | 1:49 PM

COLOMBO ( News 1st )  - සංචාරක නවසීලන්තය සහ පකිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලිය අද ( 09 )  ආරම්භ වීමට නියමිතය.

නවසීලන්ත කණ්ඩායමේ පකිස්ථාන  තරග සංචාරය ආරම්භ කරමින් පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවය. 

අද (09) පළමු එක් දින ක්‍රිකට් තරගය කරච්චිහී දී පැවැත්වේ.

නවසීලන්ත කණ්ඩායම කේන් විලියම්සන් මෙහෙයවන අතර ෆින් ඇලන් , ඩෙවෝන කොන්වේ , ඩැරල් මිචෙල් , ටොම් ලෙතම් , ගේලෙන් පිලිප්ස් , ටිම් සව්ති , ලුකී ෆගසන් වැනි ප්‍රබල ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත් වන අතර මැට් හෙන්රි ආබාධයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර තිබේ. 

ඒ වෙනුවට ඩාක් බේර්ස්වල් කණ්ඩායමට නම් කර තිබේ.

පකිස්ථාන නායකත්වය බාබර් අසාම් දරණ අතර ෂාන් මසුඩ් නව උප නායකයා ලෙස කටයුතු කරනු ඇති.

එමාමුල් හක් , ෆකර් සමාන් , හාරිස් සොහෙල් , මොහොමඩ් රිස්වාන් හාරිස් , රාවුෆ් , නසීම් ෂා වැනි ප්‍රබල ක්‍රීඩකයන් පකිස්ථාන සංචිතයට ඇතුළත් ය.

අද (09) තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වනු ඇති.