ආර්ථික ආගාධයට රට ඇද දැමීම.. පෙත්සම් සලකා බලයි

ආර්ථික ආගාධයට රට ඇද දැමීම..හිටපු ජනපති, අගමැති ප්‍රමුඛ 39කට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් අධිකරණය සලකා බලයි..

by Staff writer 09-01-2023 | 9:14 PM

COLOMBO (News 1st) - රට ආර්ථික ආගාධයකට ඇද දැමීමට හේතු වූ තීන්දු තීරණ ගත් හිටපු ජනපති, අගමැති, මුදල් ඇමති ඇතුළු 39දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද(09) සලකා බැලී ය.

එහිදී අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ  මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය නියෝජනය කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාට සහ රාණි ජයමහ මහත්මියට අධිකරණයේ පෙනී සිටින්නැයි නැවත නොතීසි නිකුත් කරන ලෙසය.

ඔවුන් දෙදෙනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබුනත් ඔවුන් අද අධිකරණයේ පෙනී සිටියේ නැත.

පෙත්සම් සලකා බැලීම මාර්තු 20වැනිදා දක්වා කල් තැබීය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූර ජුලියන් බෝලින්, විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහිම් මෙන්ඩිස්
යන මහත්වරුන් සහ ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ආයතනය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබේ.