විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

කර්තෘ Staff writer

09 Jan, 2023 | 6:51 pm

COLOMBO (News 1st) – විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අද(09) අනුමැතිය ලැබුණු බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ පෙබරවාරි 15 වැනිදා වනවිට සමාලෝචනය කිරීමේ පදනම මත මේ අනුමැතිය ලබා දී ඇති බවය.

එම සමාලෝචනයෙන් පසුව විදුලි ගාස්තු නැවත අඩුවීමට ද ඉඩ ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලියක් තමන්ට අද(09) පස්වරුවේ ලැබුණු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]