.webp)
අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍යවරුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් සතියක් ලබාදී ඇති බව ය.
හෙට (09) එම අදහස් සළකා බැලීමෙන් අනතුරුව විදුලිබිල සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, අපේක්ෂිත පරිදි විදුලි බිල වැඩි කිරීමට අවස්ථාව හිමි වන්නේ නම් සහ ගල් අඟුරු හා ඉන්ධන බලාගාර සඳහා නිසි පරිදි යෙදවුම් ලැබෙන්නේ නම්, ඉදිරි කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයුම ලබා දීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ය.
මේ අතර ගාස්තු සශෝධනය සම්බන්ධයෙන් සිය උපදෙස් මාලාව කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ, විදුලිබිල වැඩි කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය දීමට පෙර සිය කොමිසම යොමු කළ උපදෙස් මාලාවේ ඇතුළත් දත්ත කෙරෙහි අවධානය යොමු කරන්නැයි කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව ය.
විදුලිබිල වැඩිකිරීමට විරෝධය පළ කරමින් අද (08) පස්වරුවේ විදුලි පහන් නිවා දමා සාමකාමී විරෝධතාවයක නියැලෙන්නැයි ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.