.webp)
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිරීක්ෂණ සංවිධාන සහ කොමිසම අතර පැවැත්වෙන පළමු හමුව එය වන බව ය.
එහිදී මැතිවරණ නීතිය, මැතිවරණ පවත්වන ආකාරය පිළිබඳව සහ ගැසට් නිවේදන පිළිබඳව සාකච්ජා කෙරෙනු ඇති.
මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ඉදිරි දින කිහිපය ඇතුළත අධිකරණ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තීරණය කර තිබේ.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් සිදුකරනු ලබන සියලු සංවිධාන කටයුතු බලරහිත කරමින්, රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම්කරුවෙකු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පෙත්සම සඳහා අතරමැදි පෙත්සම්කරුවන් ලෙස නිරීක්ෂණ සංවිධාන ඉදිරිපත් වන බව ය.