.webp)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 12 සහ 13 යන දෙදින මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා අසල්වැසි රටවල නායකයින් හැරුණු විට ඇන්ගෝලියා, ඝානා, නයිජීරියා, මොසැම්බික් හා සෙනගල් යන අප්‍රිකානු රටවල නායකයින්, ආසියානු සාමාජිකත්වය දරන තායිලන්ත, කාම්බෝජය සහ වියට්නාමය යන රටවල නායකයින් මෙන්ම උස්බෙකිස්ථානය, මොංගෝලියාව, එක්සත් අරාබි එමීර් සහ පැපුවා නිව්ගිනියා යන රටවල නායකයින් සහභාගීවීමට නියමිත බව ද වාර්තා වේ.
මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව, හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
එම පුවත්පත වාර්තා කරන්නේ සංචාරය සිදුකරන දින වකවානු පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බව ය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මෙරටට පැමිණියහොත්, දෙරට අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබදව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අවධානය යොමුවනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ.