.webp)
මේ අතර මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක පවසන්නේ පළාත් පාලන මැතිවරණයට වෙන්කළ රුපියල් බිලියන 10ක මුදල මැතිවරණය පැවැත්වීමට හොඳටම ප්රමාණවත් බවය.
තවදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා,
"බිලියන 10ක මුදල් ප්රමාණය ඇතිවෙයි කියන ප්රමාණය තියෙනවා. සමහර විට ඊට වඩා අඩු ප්රමාණයකින් ගියවර බිලියන 08ක් කියපු වියදම තමා කොවිඩ් 19 තත්ත්වයක් තුළ අපි බිලියන 5.8කින් අපි අවසන් කරගත්තා. ඒ අනුව අපි විශ්වාස කරනවා අපි ඉල්ලපු ඇස්තමේන්තුගත මුදල හා ඉන් පහළ ප්රමාණයකදි මේ කටයුතු අවසන් කරගන්න පුලවන් කියලා. බිලියන 9.3ක ප්රමාණයක් තමා අපි ඉල්ලුවේ. මුලින්ම අපි ඉල්ලුවේ බිලියන 11 ක්. නමුත් අපි ඇස්තමේන්තුගත මුදල 9.3 ක්. අයවැයෙන් අපිට බිලියන් 10ක් වෙන් කරලා තියෙනවා"