රාජ්‍ය ආයතන භාවිත කරන වාහන සම්බන්ධයෙන් විමර්ශනයක්

අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන භාවිත කරන වාහන සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹෙයි

by Staff writer 08-01-2023 | 7:19 AM

COLOMBO ( News 1st ) - අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන භාවිත කරන වාහන සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා සඳහන් කළේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ සහය ද ඒ සඳහා ලබා ගැනීමට අපේක්ෂා කරන බව ය.

ලේඛනගත කර ඇති පරිදි අදාළ වාහන රජයේ ආයතන සතුව තිබෙනවාද?, එම වාහන නිසි කාර්යක්ෂමතාවයෙන් යුක්තව යොදාගෙන ඇද්ද ?යන්න පිළිබඳව විමර්ශනයේදි සළකා බලන බව, විගණකාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ජාතික විගණන කාර්යාලය සඳහන් කළේ, අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ඇතුළු  රාජ්‍ය ආයතන මට්ටමින් වෙන් වෙන්ව විර්ශනය ක්‍රියාත්මක කිරිමට නියමිත බව ය.