සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම 2022 වසරේදී

සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම 2022 වසරේදී

සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම 2022 වසරේදී

කර්තෘ Staff writer

08 Jan, 2023 | 2:23 pm

COLOMBO ( News 1st ) – සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම 2022 වසරේදී උපයා තිබේ .

එලෙස ඉපැයූ ආදායම රුපියල් බිලියන 170ක් වන අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, මේ වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් බව ය.

ගෙවුණු  වසරේ වැඩිම ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ සේවක පුරප්පාඩු 200 ක් පමණ පැවති පසුබිමක වීම විශේෂත්වයකි.

මේ අතර දේශීයව නිෂ්පාදිත මත්පැන් සඳහා ප්‍රමිති සහතික ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මේ වන විට වෙළඳපොළේ ඇති මත්පැන් වර්ග රැසකට අදාළ ප්‍රමිති සහතික ලබා දී ඇතැයි කපිල කුමාරසිංහ මහතා පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]