ඉන්දු - ශ්‍රී ලංකා තීරණාත්මක අවසන් 20යි 20 සටන අද.

T20 ශූරතාවය කාටද? ඉන්දු - ශ්‍රී ලංකා තීරණාත්මක අවසන් 20යි 20 සටන අද..

by Staff writer 07-01-2023 | 8:52 AM

COLOMBO (News 1st) - සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) පැවැත් වෙයි.

තරගය රාජ්කෝට්හිදී පැවැත්වීමට නියමිතය.

තරග තුනකින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවේ.

පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය ඉන්දියාව ලකුණු 2කින් ජය ගත් අතර, පුනේහිදී පැවැති දෙවන තරගය ලකුණු 16කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව තරගාවලිය ජය ගැනීමට නම් කණ්ඩායම් දෙකටම අද තරගය ජය ගැනීම අතිශය වැදගත් වේ.

ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් පිළිබදව මේ වන තෙක් වාර්තා වන්නේ නැත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ භානුක රාජපක්ෂ වෙනුවට සදීර සමරවික්‍රම අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.