සමාජ මාධ්‍ය නියාමනයට පනතක් හදන්න ජනපති සැරසෙයි..

සමාජ මාධ්‍ය නියාමනයට පනතක් හදන්න ජනපති සැරසෙයි..

by Staff writer 07-01-2023 | 7:35 PM

COLOMBO ( News 1st ) - අද(07) සතිඅන්ත පුවත්පත් වාර්තා කළේ, පළාත් පාලන ඡන්දයක් ජනතාව බලාපොරොත්තු නොවන බව ජනාධිපතිවරයා පැවසූ බවයි.

තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසක් හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ පිළිබඳව පැවසූ බව අදාළ පුවත්පත වාර්තා කළේ ය. 

එම වාර්තාවේ සඳහන් වන්නේ තමන් පළාත් පාලන ඡන්ද කටයුතුවලට සහභාගී නොවන බව නැවතත් මෙහිදී ජනාධිපතිවරයා පැවසූ බවයි. 

අදාළ වාර්තාවට අනුව මේ පළාත් පාලන ඡන්දය පිළිබඳව සලකා බැලිය යුත්තේ, අධිකරණයේ තීන්දුව ද මත බවද මෙහිදී ජනාධිපතිවරයා පවසා තිබේ. 

මේ අතර , සිංගප්පූරුවේ පවතින සමාජ මාධ්‍ය නීති පදනම් කරගෙන මෙරට සමාජ මාධ්‍ය නියාමනය කිරීම සම්බන්ධයෙන් පනතක් සම්පාදනය කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබුණි.