.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නරීටා ගුවන්තොටුපොළේ සිට ෆුකුඕකා ගුවන්තොටුපොළ දක්වා ගමන් කරමින් තිබූ යානයක් වෙනත් ගුවන්තොටුපොළකට ගොඩබස්වා ඇති බව ය.
ගුවන් යානයේ භාණ්ඩ ප්‍රවාහන කොටසේ කිලෝ 100ක බෝම්බයක් පවතින බවට නරීටා ගුවන්තොටුපොළට ලැබුණු ඇමතුමකට අනුව මගීන් ඉන් ඉවත් කර තිබේ.
මගීන් ඉවත් කිරීමට යාමේදී පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
කෙසේ වෙතත් සැක කටයුතු කිසිවක් මෙතෙක් හමුවී නොමැත.