.webp)
එහි මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, මැතිවරණය සඳහා අපේක්ෂකයින්ගෙන් අයැදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇති බවය.
පළාත් පාලන මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරන ලද අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම තීරණය කර තිබේ.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ වෙනත් කිසිදු පක්ෂයක සලකුණක් යටතේ තරග නොකරන බවය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රමුඛ 9 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අහිමි කළ කණ්ඩායම මේ පිළිබඳ එකඟතාවයකට පැමිණි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
තම අනන්‍යතාව රැකෙන පරිදි පළාත් පාලන මැතිවරණය සඳහා ඒ අනුව කණ්ඩායමක් ඉදිරිපත් කරන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ පාර්ශ්වය පවසයි.
අමාත්‍ය තනතුරු භාරගත් බව පවසමින් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, චාමර සම්පත් දසනායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් දැරූ තනතුරුවලින් පසුගියදා ඉවත් කෙරිණි.
මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට වාමාංශික සන්ධානයක් ලෙස තරග කරන බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
පුළුල් ජාතික පෙරමුණක් යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කරන බව, උත්තර ලංකා සභාගය පවසයි.
එහි ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක් සමග මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවය.