පක්ෂ ලේකම්වරු 11 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවට

පක්ෂ ලේකම්වරු 11 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවට

by Staff writer 07-01-2023 | 4:58 PM

 

COLOMBO ( News 1st ) - ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක්, අනිද්දා(09) පැවැත්වීමට නියමිතව තිබේ.

එම කොමිසමේ සාමාජිකයෙකු පැවසුවේ,පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව කොමිසමේ කාර්යභාරය සහ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම රැස්වීම පැවැත්වෙන බව ය.

එසේම සියලු පක්ෂ ලේකම්වරු ලබන 11 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම,අනෙකුත් ලියකියවිලි සහ මැතිවරණයට අදාළ සෙසු උපදෙස් ලබාදීම වෙනුවෙන් පක්ෂ ලේකම්වරු කොමිසම හමුවට කැඳවා ඇති බව ය.

11 වැනිදා උදෑසන 10.00ට අදාළ සාකච්ඡාව පැවැත්වෙනු ඇති.