බිළිඳියක ඝාතනය කළ මවක් අත්අඩංගුවට

අලුත උපන් බිළිඳිය ඝාතනය කර වැසිකිළි වළකට දැමු මවක් අත්අඩංගුවට

by Staff writer 07-01-2023 | 5:07 PM

COLOMBO ( News 1st ) - අලුත උපන් බිළිඳිය ඝාතනය කර වැසිකිළි වළකට දැමු මවක් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, තෙරිපැහැ ප්‍රදේශයේදී ය. 

උදරයේ තදබල වේදනාවක් ඇති බව කියමින් මෙම කාන්තාව තෙරිපැහැ රජයේ රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ලබන අතරතුර රෝහලින් පැන ගොස් ඇතැයි සඳහන් ය. 

පසුව රෝහල සිදුකළ පැමිණිල්ලක් අනුව තෙරිපැහැ පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ කාන්තාව සිය සහෝදරියගේ නිවසේ සිටිය දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලීසිය සඳහන් කළේ, නිවස වැඩිදුර සෝදිසි කිරිමේදී අලුත උපන් බිළිදියකගේ  මළ සිරුර වැසිකිළි වළෙහි තිබී සොයාගත් බව ය.