ශ්‍රී ලංකාවට ලකුණු 91ක දැවැන්ත පරාජයක්: 20/20 තරගාවලි⁣යේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකාවට ලකුණු 91ක දැවැන්ත පරාජයක්: 20/20 තරගාවලි⁣යේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකාවට ලකුණු 91ක දැවැන්ත පරාජයක්: 20/20 තරගාවලි⁣යේ ජය ඉන්දියාවට

කර්තෘ Staff writer

07 Jan, 2023 | 10:19 pm

COLOMBO (News 1st) – සංචාරක ශ්‍රී ලංකාවට එරෙහි තරග තුනකින් යුත් පන්දුවාර 20-20 තරගාවලිය තරග 2 -1ක් ලෙස ඉන්දියාව ජය ගත්තේ ය.

අවසන් පන්දුවාර 20  -20  තරගය පැවැත්වූයේ  රාජ්කෝට් පිටියේ දීයි.

තරගයේ කාසිය වාසිය  හිමිකරගත් ඉන්දීය නායක හර්දික් පාන්ඩයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ, පළමු කඩුලු 2 ලකුණු 52කදී බිඳ වැටිණි.

අනතුරුව පිටියේ එක් වූ සූර්යකුමාර් යාදේව් සහ ශුබ්මන් ගිල් තුන්වන කඩුල්ලට ලකුණූ 111ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් විය.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ  සූර්යකුමාර් යාදේව් පන්දු 51 දී නොදැවී ලකුණු 112ක් රැස් කළේ ය.

ඔහුගේ ඉනිම 6 පහර 9කින් සහ හතරේ පහර 7කින් වර්ණවත් විය. 

මෙම ශතකයත් සමග යාදෙව්  20 -20 පිටිය තුළ වැඩිම ශතක රැස් කළ ක්‍රීඩකයන් අතර දෙවන ස්ථානයේ රැඳී  සිටින්නේ ශතක තුනක් රැස් කර ගනිමිනි.

ශුබ්මන් ගිල් ලකුණු 46 යි.

ඩිල්ෂාන් මදුෂංක කඩුලු 2 දවා ගත්තේ ය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 228කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක ලකුණූ 44ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 96 කදී දැවී ගියේ ය.

නායක දසුන් ශානක ලකුණු 23 යි.

ඉන්දියාව වෙනුවෙන් අර්ෂදීප් සින්ග් කඩුලු 3ක් දවා ගත්තේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 16යි පන්දු 5ක් අවසානයයේ සියලු දෙනා දැරී රැස් කිරීමට සමත් වූයේ, ලකුණු 137 ක් පමණි.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 10 වැනිදා  ආරම්භ වීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]