වාමාංශික සන්ධානයක් ලෙස ශ්‍රීලනිපය මැතිවරණයට

වාමාංශික සන්ධානයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයට

by Staff writer 07-01-2023 | 8:43 AM

COLOMBO (News 1st) - මෙවර පළාත් පාලන මැතිවරණයට වාමාංශික සන්ධානයක් ලෙස තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා පැවසුවේ, මේ වනවිට ප්‍රධානපෙළේ පක්ෂ 6 ක් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

පුළුල් ජාතික පෙරමුණක් යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කරන බව උත්තර ලංකා සභාගය පවසයි.

එහි ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක් සමග මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවය.