.webp)
විදෙස් වාර්තා පැවසුවේ,හෙට (06) පැවැත්වෙන ඔර්තඩොක්ස් නත්තල සැමරීම වෙනුවෙන් පැය 36 ක සටන් විරාමයක් ලබා දෙන්නැයි, රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේනයෙන් ඉල්ලා ඇති බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින්, යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ, රුසියානු භාරයේ පවතින සිය භූමිය මුදා හරින තුරු සටන් විරාමයකට නොයෙන බවයි.
යුක්‍රේනයට සන්නද්ධ රථ ලබා දීමට අමෙරිකාව සහ ජර්මනිය දැනටමත් ඒකාබද්ධව පියවර ගෙන ඇති අතර, යුක්‍රේන ජනාධිපතිවරයා අවස්ථා රැසකදී යුද ආධාර දෙන්නැයි යුරෝපානු රටවලින් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත්, ඕර්තඩොක්ස් නත්තල සැමරීම වෙනුවෙන් වෙඩි තැබීම් නවත්වන්නැයි, රුසියානු ජනාධිපතිවරයා සිය හමුදාවන්ට නියෝග කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් ය.