.webp)
හදිසි රාජකාරි අවශ්‍යතා සලකා ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
ඒ අනුව නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ කේ.බී.ඩී.ඒ.ජේ. කරවිට මහතා අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථානමාරු ලබා දුන් ජේ.පී.ඩී. ජයසිංහ මහතාගේ ස්ථාන මාරුව මත්ද්‍රව්‍ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස සංශෝධනය කර ඇති බවය.
මත්ද්‍රව්‍ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට ස්ථාන මාරු කළ පී. ලියනගේ මහතාගේ ස්ථාන මාරුව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස සංශෝධනය කර ඇති බව ද පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කර තිබේ.
මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 05 දෙනෙකු, පොලිස් අධිකාරිවරයෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා දුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ය.