.webp)
COLOMBO ( News 1st ) – සිරිලක සම්බුදු පහසින් පවිත්‍ර වූ දුරුතු පුන් පොහෝ දිනය අදට(06) යෙදී තිබේ.
ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ දුරුතු පුන් පොහෝ දිනයේ දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයක ම ආගමික වතාවත් සංවිධානය කර තිබේ.
බුදුරජාණන්වහන්සේ සමන් දෙවිදුන්ට පූජා වස්තුවක් ලෙස කේශධාතූන් පරිත්‍යාග කිරීම, බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාම පූජාව ලෙස බිම්බිසාර රජු වේළුවනාරාමය මහා සංඝයා විෂයෙහි පූජා කිරීම වැනි වැදගත් සිදුවීම් රැසක් දුරුතු පුන් පෙහෝ දිනයේදී සිදු වී ඇති බව ශාසනික ඉතිහාසයේ සඳහන් ය.