ජනපති හදිසියේ මැතිවරණ කොමිසම කැඳවූයේ ඇයි?

ජනපති හදිසියේ මැතිවරණ කොමිසම කැඳවූයේ ඇයි?

by Staff writer 06-01-2023 | 9:25 PM

COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හදිසියේ කැඳවා සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ජනාධිපතිවරයාගෙන් ලද ආරාධනාවකට අනුව මෙම හමුව සිදුවූ බවයි.

එම සාකච්ඡාවට නීතිපතිවරයා ද සහභාගීවී තිබේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් එහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙන්නේ ව්‍යවස්ථාමය හෝ අධිකරණමය ක්‍රියාමාර්ගයකින් හැර පළාත් පාලන මැතිවරණය වැළැක්වීමේ හැකියාවක් නොමැති බවයි.

එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් මැතිවරණය පැවැත්වීමට අදාල ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.