.webp)
එවැනි මිනිස්සු අතරින් තවත් එක පවුලකට ශක්තියක් වෙන්න අපට හැකිවිය.
මේ දේ කරන්න ගම්මැද්දට හැකිවූයේ තවත් කෙනෙකුගේ දුකකදී කම්පාවෙන හදවත් ඇති අපේ රටේ ජනතාව නිසාමය.
දරුවන් දෙදෙනෙකු සමග තනිවුනු ශ්‍රියානි ජිවත් වන්නේ සීගිරිය ප්‍රදේශයේ යි.
හදිසි අනතුරක් නිසා ශ්‍රියානිගේ සැමියා, ඔවුන්ගේ පවුලට අහිමිවී වසර දෙකකට වැඩි කාලයක් ගත වී ඇත.
නිසි පිළිසරණක් නොමැතිව කුඩා කටුමැටි ගෙයක දිවි ගෙවූ මේ දුප්පත් පවුල ගැන අපි නිවුස්ෆස්ට් ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයක කියූ අතර, එසැනින් ශ්‍රියානි ඇතුළු දරුවන් දෙදෙනාට පිළිසරණක් වන්නට කැමති අපේම ජනතාව අපත් සමග එකතු විය.
අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ, පදිංචි ඉශානි මසිලින් මහත්මියගේ මැදිහත්වීමෙන් ශ්‍රියානි වෙනුවෙන් තැනූ ලස්සන කැදැල්ල අද(06) සුභ මොහොතින් ශ්‍රියානිටත් දරු දෙදෙනාටත් ලබා දිම සිදුවිය.
ඉශානි මසිලින් මහත්මිය සිය මව සහ පියාණන් වන පුෂ්පා වීරසේකර මහත්මිය සහ ඇන්ටන් වීරසේකර මහතා සිහිපත් කරමින් මෙම සත්කාරය සඳහා ගම්මැද්ද සමග අත්වැල් බැද ගත්තා ය.
මේ අවස්ථාවට මොරගොඩ, මූකලාන ශ්‍රී සුගත අභිනවාරාම විහාරාධිපති පූජ්‍ය කොස්ගහහින්නේ ජිනානන්ද හිමි, සීගිරිය පුරාණ ගල්ලෙන් විහාරස්ථානාධිපති හිමයන්, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය, සීගිරිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි කොබ්බෑකඩුව මහතා, සීගිරිය මයිලැත්තෑව ග්‍රාම නිලධාරී එච්. එම්. නුවන් හේරත් මහතා, ගම්මැද්ද ජාතික සංවිධායක කෙනෙත් වීරක්කොඩි මහතා සහා දිමුතු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ගුරු භවතුන් මෙන්ම දරු දැරියෝද එක්ව සිටියහ.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා දඹුල්ල ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු මහතා ඇතුළු ස්ථාන භාර නිලධාරීවරුන්ගෙන් මෙන්ම දඹුල්ල විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලයෙන් ලැබුණ සහයද මෙහිදී ප්‍රශංසනීයව සිහිපත් කළ යුතුය.
ශ්‍රියානි ඇතුළු මේ අහිංසක දරුවන් දෙදෙනාට හිසට සෙවනක් දෙන්න හැකි වූයේ ගම්මැද්ද සමග අත්වැල් බැදගත් ඔබ නිසාම ය.