ගල් අඟුරු ගොඩබෑම ඇරඹෙයි

අද පැමිණි නෞකාවෙන් ගල් අඟුරු තොග ගොඩබෑම ඇරඹෙයි: තවත් ගල් අඟුරු නැවක් හෙට දිවයිනට

by Staff writer 06-01-2023 | 5:46 PM

COLOMBO (News 1st) - තවත් ගල් අඟුරු රැගත් නෞකාවක් හෙට (07) පස්වරුවේ දිවයිනට ළඟාවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.

එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කළේ, එහි ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් අඩංගු වන බවයි.

දකුණු අප්‍රිකාවේ සිට නෞකාව මෙරටට යාත්‍රා කරමින් පවති.

මේ අතර අද උදෑසන දිවයිනට ළඟා වූ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් රැගත් නෞකාවේ තොග ගොඩබෑම මේ වනවිට ආරම්භ වී තිබේ.

ලංකා ගල් අඟුරු සමාගම පැවසුවේ, එය අවසන් කිරීම සඳහා තවත් දින 4 ක් පමණ ගතවනු ඇති බවයි.

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ විදුලිය නිෂ්පාදනය සඳහා ගල් අඟුරු ප්‍රමාණවත් වන්නේ ලබන 8 වැනි දා දක්වා පමණි.