English
தமிழ்
කර්තෘ Staff writer
06 Jan, 2023 | 7:30 am
COLOMBO (News 1st) – හංවැල්ල , හරස්පාර ප්‍රදේශයේදී පසුගිය 19 වැනිදා වෙළෙඳසැල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, එම සැකකරු හංවැල්ල, දිද්දෙනිය කිඹුල්බනේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට තොරතුරක් ලැබුණු බවයි.
ඒ අනුව බස්නාහිර පළාත් දකුණු පොලිස් කණ්ඩායමක් විසින් අද(06) අලුයම සැකකරු අත්අඩංගුවට ගැනීමට හංවැල්ල , බිද්දෙණිය ප්‍රදේශයට ගොස් තිබේ.
එම අවස්ථාවේදී සැකකරු පොලිසියට වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.
එහිදී පොලිසිය කළ වෙඩි තැබීමේදී සැකකරු මිය ගොස් තිබේ.
වෙළෙඳසැල් හිමිකරු පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වැනිදා වෙළෙඳසැල වසා නිවසට යාමට සූදානම්වූ අවස්ථාවේදී සැකකරු ඊට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදු කළේ ය.
වෙඩි වැදීමෙන් මිය ගියේ , මොහොමඩ් ෆරුෂාන් නැමති 46 හැවිරිදි ව්‍යාපාරික තිදරු පියෙකි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබුණි.
01 Jun, 2023 | 03:59 PM
01 Jun, 2023 | 03:12 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS