English
தமிழ்
කර්තෘ Staff writer
06 Jan, 2023 | 8:52 pm
ඒ නිදහස නැතිවීමේ වාසිය ලැබෙන්නේ බලය ඇති හස්තයන්ට ය.
එවිට ඔවුන්ට හැමදාම මිනිස්සු රවට්ටමින් තමන්ට රිසි දේ සිදු කරන්න හැකියාව ලැබේ.
ජනමාධ්‍යයක පරම යුතුකම වෙන්නේ සත්‍ය වාර්තා කිරීම ය.
එසේ නොමැතිව ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ දේශපාලඥයින් ආරක්ෂාකිරීම හෝ නොවේ.
මීට අවුරුදු 14කට කළින් ජනතාව වෙනුවෙන් කරන මේ පරම යුතුකමට මරු පහරක් එල්ල විය.
අද තරුණ තරුණියන් බොහෝ දෙනෙකුට මේ සිද්ධිය මතක නැතිව ඇති.
නමුත් අපට එදා මෙන්ම අදත් මතකයි.
එදා ජනතාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතියට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරමින් දෙපානම සිරස මැදිරි සංකීර්ණයට පහරදී, අදට වසර 14 කි.
තවමත්, අපරාධකරුවන් නිදැල්ලේ…
2009 ජනවාරි මාසයේ අද වැනි දවසක ආයුධ සන්නද්ධ මැර කල්ලියක් සිරස මාධ්‍ය ජාලයේ, දෙපානම මැදිරි සංකීර්ණයට මේ නිර්ලජ්ජිත ප්‍රහාරය එල්ල කළේ මුළු ලෝකයේම අවධානය යොමු කරවමිනි.
මේ ප්‍රහාරය එල්ල කරන්නට කළින්ම අප, සැක කටයුතු හැසිරීම් ගැනත් එල්ලවී ඇති තර්ජන පිළිබඳවත් පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් දැනුවත් කර තිබුණි.
එදා අලුයම 2:10ට මැදිරි සංකීර්ණයට කඩා වැදුණු සන්නද්ධ මැර කණ්ඩායම, ආරක්ෂක අංශයට පහර දුන්නේ ය.
මැරයින්ගේ ඉලක්කය වූයේ ජනතාවට තොරතුරු සපයන අපේ මාධ්‍ය ජාලයේ අති නවීන පරිගණක පද්ධතියක් සහිතව නවීකරණය කර තිබුණු ප්‍රධාන පාලක මැදිරියයි.
දුටු දුටු සියල්ල වනසමින් කඩා වැදුණු මැරයින් මැදිරි සංකීර්ණය මුළුමනින්ම විනාශ කළේ ය.
ඔවුන් පැන ගියේ අධිබල ක්ලේමෝ බෝම්බද අටවමිනි.
ප්‍රහාරයෙන් පසුව, රස පරීක්ෂකවරයාගේ විමර්ශනවලදී 8kgක ක්ලේමෝ බෝම්බයක් සුන්බුන් අතර තිබී සොයාගන්නට හැකි විය.
බෝම්බ ගසා ගිනි තබා අප නිහඬ කිරීම ප්‍රහාරය මෙහෙයවූවන්ගේ අරමුණ වුවත්, පැය කිහිපයක් ඇතුළත යළිත් සියලු නාලිකා ක්‍රියාත්මක කිරීමට අපි සමත්වූයෙමු.
වහ වහා දෙපානමට පැමිණ දැඩි පිළිකුලෙන් යුතුව මේ අපරාධය හෙළා දුටු ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා, හරියටම දින දෙකකට පසුව එනම් 2009 ජනවාරි 08වැනිදා මහමගදී ඝාතනය කෙරුණි.
දෙපානම මැර ප්‍රහාරය දෙස් විදෙස් විවිධ පාර්ශ්ව පිළිකුලෙන් යුතුව හෙළා දුටුවේ, ජනතාව වෙනුවෙන් සත්‍යය හෙළි කරන මාධ්‍ය ජාලයක් නිහඬ කිරීමට දැරූ ලැජ්ජාසහගත උත්සාහයක් බව පවසමිනි.
මේ අපරාධය සැලසුම් කළවුන් මෙන්ම ප්‍රහාරය දියත් කළවුන් තවමත් නිදැල්ලේ සිටී.
ඔවුන් නිදැල්ලේ සිටියත් ඔවුන් හෘදසාක්ෂිය තුළ ඔවුන් වරදකරුවන් වේ. කොතැනින් බේරුණත් කිසිවිටෙක තමන්ට කර්මයෙන් බේරෙන්න බැරි බව ඔවුන් දනී.
එදා මෙන් අදත්.. අප සිටින්නේ ජනතාව සමගයි.
එය හෙටත් එසේම බව ඔවුන් හොඳින් දන්නා කරුණකි.
අපි ජනතාව සමග සිටිනවා වගේම ජනතාවත් අප සමග
හැමදාමත් ඉන්නේ ඒ නිසාවෙනි.
සත්‍යයේ සටහන..බුද්ධියේ විමසුමට
06 Dec, 2023 | 02:30 PM
06 Dec, 2023 | 06:37 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS