ශ්‍රී ලංකා - ඉන්දීය දෙවන 20 යි 20 තරගය අද

ශ්‍රී ලංකාවට තීරණාත්මක 20යි 20 දෙවැනි තරගය අද

by Staff writer 05-01-2023 | 1:43 PM

COLOMBO (News 1st) - සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය පුණේහීදී අද රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් යුත් පන්දුවාර 20 යි 20  ක්‍රිකට් තරගාවලිය පසුගිය අඟහරුවාදා මුම්බායිහි වංකඩේ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. 

ඉන්දීය කණ්ඩායම පළමු තරගයේ ලකුණු 2ක තියුණු ජයක් හිමිකර ගත්තේ තුනට එකක් ලෙස තරගාවලියේ පෙරමුණ ලබා ගනිමිනි. 

ඒ අනුව තරගාවලිය ජය ගැනීමට නම් අද පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් ය. 

මේ අතර අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් පිළිබඳව මෙතෙක් වාර්තා නොවේ. 

විදෙස් වාර්තා පවසන්නේ, ඉන්දීය කණ්ඩායමේ පළමු තරගය ක්‍රීඩා නොකළ අර්ෂදීප් සින්ග් හෝ උම්රාන් මලික්  අද තරගයට කැඳවීමට ඉඩ ඇති බවයි.

පළමු තරගයේදී ආබාධයකට ලක්වූ  සංජු සැම්සන්  පන්දුවාර 20 යි 20  තරගාවලියෙන් ඉවත් කර තිබේ. 

ඒ වෙනුවට ඉන්දීය කණ්ඩායමට කැඳවා ඇත්තේ ජිටේයිස් ශර්මා ය.

අද මෙරට වේලාවෙන් රාත්‍රී 7.00ට තරගය ආරම්භ වීමට නියමිතව තිබේ.