පූජ්‍ය බානගල උපතිස්ස නාහිමිගේ 73 වැනි ජන්ම දිනය අද

පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ 73 වැනි ජන්ම දිනය අද

by Staff writer 05-01-2023 | 9:12 PM

COLOMBO (News 1st ) - ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝ නායක, පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ 73 වැනි ජන්ම දිනය අද (05) යෙදී තිබේ. 

ඒ වෙනුවෙන්  උත්සව කිහිපයක්, අද (05) මෙරටදී  මෙන්ම ජපානය ඇතුළු විදෙස් රටවලදීත්, සංවිධානය කර තිබුණි.

පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි වැඩසිටින ජපානයේ ලංකා ජී විහාරස්ථානයේදී ද  අද(05)  ආගමික වතාවත් සිදුකෙරුණ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ට ජන්ම දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින්, නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කර තිබේ.

එය උන්වහන්සේට පිරිනැමුවේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ය. 

මේ අතර පූජ්‍ය බානගල උපතිස්ස නාහිමිගේ ජන්ම දිනය වෙනුවෙන් මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේ, සුගන්ධ මන්දිරය ඉදිරිකිරීම වෙනුවෙන් මුල් ගල් තැබුණූ අතර ඒ සඳහා  තායිවානයේ ප්‍රධාන සංඝනායක, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ කුලපති, පූජ්‍ය ආචාර්ය බෝධාගම චන්දිම හිමියන් ඇතුළු  මහා සංඝරත්නය වැඩම කළහ.

මුල්ගල් තැබීමේ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලේකම්, දිල්ශාන් ජයසූරිය, කැපිටල් මහරාජා සංවිධානයේ සභාපති, ශෂී රාජමහේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් ද  එක්ව සිටියහ.