ඡන්දයක් පැවැත්වීමට මැතිවරණ කෙමිසමට ඇති අයිතියට ආණ්ඩුවෙන් කිසි බාධාවක් නෑ... - ඇමති විජේදාස

by Sagarika Chathumali 05-01-2023 | 10:39 AM

News 1st - ඡන්දයක් පැවැත්වීමට මැතිවරණ කෙමිසමට ඇති අයිතියට ආණ්ඩුව කිසිදු බාධාවක් සිදු නොකරන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. 

''ආණ්ඩුව විදහට මැතිවරණ කොමිසමේ කටයුතුවලට බාධා කරන්න හේ න්‍යාය පත්‍ර වෙනස් කරන්න අපි කිසිදු තීන්දුවක් අරගෙන නෑ'' 

අද පාර්ලිමේන්තුවේදී ඔහු ඒ බව  ප්‍රකාශ කළේ ,  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නකට පිළිතුරු ලබා දෙමිනි.  

විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේ, රජය ඝෘජු සහ වක්‍ර ක්‍රමවේද තුළින් මුදල් නොමැති බවට පණිවුඩයක් යවමින් සිටින බවයි. 

එැවනි වටපිටාවක් තුළ නියමිත කාලයට මැතිවරණය පැවැත්වීමට රජය ලබා දියයුතු සියලු පහසුකම් ප්‍රතිපාදන නොපිරිහෙලා ඉටු කරන්නේ දැයි, එහිදී විපක්ෂ නායකවරයා අධිකරණ අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය. 

විපක්ෂ නායකවරයාට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ, මැතිවරණ පැවැත්වීමේ බලය  ස්වාධීනව කටයුතු කරන මැතිවරණ කොමිසමට පැවරී ඇති බවත් එම කොමිසමට නියෝග දීමට හෝ තීන්දු වෙනසක් කිරීමට ආණ්ඩුවට හෝ පාර්ලිමේන්තුවට කිසිදු බලයක් නොමැති බවයි.