English
தமிழ்
කර්තෘ Staff writer
05 Jan, 2023 | 6:54 am
මැතිවරණ කොමිසම පැවසුවේ, තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අවසන් වන්නේ, ලබන 23 වැනි දා මධ්‍යම රාත්‍රී 12.00 ට බවයි.
මේ අතර ලබන පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් පිළිගත් ලියාපදිංචි සියලු දේශපාලන පක්ෂ නායකයින් කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
එම කොමිසම සඳහන් කළේ, ලබන 11 වැනි දා පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බවයි.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි මැතිවරණය සඳහා මේ වනවිට පුර්ණ සුදානමක පසුවන බව එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ, මහජන එක්සත් පෙරමුණ, ඊලම් ජනතා ප්‍රජාතන්තවාදි පක්ෂය ඇතුළු පිළිගත් දේශපාලන පක්ෂ 9 ක් මේ වනවිට සිය පක්ෂය සමග සන්ධානගතව මැතිවරණයට ඉදිරිපත් වීමට එකඟ වී ඇති බවයි.
මැතිවරණය ඉලක්ක කරගෙන සන්ධානගත වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමග ද සාකච්ජා වට කිහිපයක් මේ වනවිට පවත්වා ඇති බව ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා පැවසුවේ ය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ ඇතුළු කණ්ඩායම් කිහිපයක සාමාජිකයින් මැතිවරණය සඳහා තම පක්ෂය සමග සන්ධානගතවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවස්නේ, තම පක්ෂය සමග සන්ධානගතවීමට කැමැත්ත පළ කළ දේශපාලන පක්ෂ දුරකතන සළකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වීමට එකඟත්වය පළ කර ඇති බවයි.
ජාතික ජන බලවේගය ද මැතිවරණය සඳහා මේ වනවිට සුදනම් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS