.webp)
-515233.jpg)
මහා නාහිමිවරුන්ගේ සහ දියවඩන නිලමේ තුමාගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක දැක්වෙන්නේ, මෙබඳු අබෞද්ධ මිථ්‍යා මත පතුරුවමින් ඇතැම් මිථ්‍යා මතධාරින් විසින් සිදුකරනු ලබන බෞද්ධ විරෝධී ක්‍රියා පිළිබඳව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ කාර්යභාරයට බැඳී සිටින රජය වහා කරුණු පරීක්ෂා කර ආරම්භයේදීම ඒවා වළක්වාලීමට කටයුතු කළ යුතු බවයි.
මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ වන විටත් දේශීය හා විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනා මෙම මිථ්‍යාවට රැවටී මිළ මුදල් රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවට ද කරුණු අනාවරණය වී ඇති බව අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් ය.
මෙසේ බුදුදහමට හා ශාසනික චිර පැවැත්මට හානි කර වන අයුරින් හා දළඳා ඉතිහාසය විකෘති වන ආකාරයෙන් ව්‍යාජ දළඳා මාළිගා නිර්මාණය කරමින් මිථ්‍යා මත ඉස්මතු කොට දැක්වීම හා බුදුදහම කෙරෙහි අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම, සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීයත්වයට හා වන්දනියත්වයට පාත්‍රව පවත්නා වූ සෙංකඩගලපුර ශ්‍රී දළඳා මාළිගාවේ පරම පූජනීයත්වයට හානිකර ක්‍රියාදාමයක් බවත්, බුදුදහමට අපහාසයක් ගෙන දෙන්නක් බව ද එහි සඳහන් ය.
එසේම බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයෙන් කිසියම් පුද්ගලයෙකු බුදු දහමට හා දළදා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍යයේ පළ කර ඇති බව ද අදාළ ලිපියේ සඳහන්ව ඇත.
