BF7 නමින් නව ඔමික්‍රෝන් ප්‍රභේදයක්

මෙරට කොරෝනා ව්‍යාප්තිය ගැන සෞඛ්‍ය අංශ සමීපව නිරීක්ෂණය කරනවා - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 04-01-2023 | 6:18 PM

COLOMBO ( News 1st ) - මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමීපව නිරීක්ෂණය කරමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (04) පැවති මාධ්‍ය හමුවකදී ය. 

BF7 නම් නව ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතාමත්ම කාර්යක්ෂමව පැතිර යන බවක් නීරීක්ෂණය වෙමින් පවතින බව ප්‍රකාශ කළ  
විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,වයස අවුරුදු 20ට වැඩි වර්ධක මාත්‍රාව ලබා නොගත්  සෑම අයෙකුම හැකි ඉක්මනින් වර්ධක මාත්‍රාව ලබා ගත යුතු බව ය.

එසේම සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.