මින් පසු කතරගම - කොළඹ අර්ධ සුඛෝපභෝගී බස් නෑ..

මින් පසු කතරගම - කොළඹ අර්ධ සුඛෝපභෝගී බස් නෑ..

by Sagarika Chathumali 04-01-2023 | 2:38 PM

COLOMBO (News 1st) – ගාලු පාරේ ධාවනය වන කොළඹ - කතරගම අර්ධ සුඛෝපභෝගී බස් රථ අද (04) මධ්‍යම රාත්‍රී 12.00 සිට සාමාන්‍ය සේවා බවට පත් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා පවසයි. 

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මතා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. 

ඒ අනුව එම බස් රථවලින් අය කළ මගී බස් ගාස්තුව වූ රු. 1,541 මුදල රු. 1,117 දක්වා අඩු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.